BREAKING NEWS
Search

දිස්ත්‍රික්ක තුනක උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

468

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක වල උසස්‍ පෙළ විශිෂ්ටයන් 360 දෙනකුට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන යටතේ මේ ඇගැයීම සිදුකෙරෙයි.
ඒ අනුව  මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී හෙට (27) පෙරවරු 9.00ට මෙම ඇගැයීමේ උත්සවය පැවැත්වේ.

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ටතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි පළමු වැඩසටහන කිළිනොච්චියේදීත්, දෙවන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක කෙරිණි.

නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් හෙට පැවැත්වෙන්නේ එහි තුන්වන වැඩ සටහනයි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වීමට නියමිතය.

ඉදිරියේදී අනෙකුත් පළාත් වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *