BREAKING NEWS
Search

දරුවාගේ බෝනික්කාගෙන් අමුතු ගේමක් ගැසූ කාන්තාව

1688

බෝනික්කෙක් තුළ සඟවා සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරන කාන්තාවක් සීදුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය, සිය දරුවා යොදාගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවය.

සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේ අද (26) අලුයම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත.

පොලීසිය විසින් ප්‍රදේශයේ බෝඩිං කාමර පරීක්ෂාවට ලක්කිරීමේදී, එහි එක් කාමරයක දරුවකු සමග සිටි කාන්තාවක් සැක සහිත ලෙස බෝනික්කෙක් රැගෙන ඉන් පිටතට පැමිණ තිබේ.

එම සැකය මත බෝනික්කා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා විද්‍යුත් තරාදියක් සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.

එමෙන්ම කාන්තාවගේ ශරීරයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාව 29 හැවිරිදි වියේ පසුවන කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනිණියක්ය.

පොලීසිය සැකකරන්නේ ඇය සිය 8 හැවිරිදි දරුවා වෙත බෝනික්කා ලබාදී, දරුවා සමග කෝටහේනේ සිට සීදුවට මත්ද්‍රව්‍ය රැගෙන එන බවය.

සීදුව ප්‍රදේශයේදී ඒවා ඇසුරුම්කර නැවත කොටහේන ප්‍රදේශයට රැගෙන ගොස් අලෙවිකරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *