BREAKING NEWS
Search

වංචා රැසක් සිදු කෙරූ ජනප්‍රිය ගායකයෙක් අත්අඩංගුවට?

1658

නව රජය බලයට පත්වීමත් සමඟම දූෂණ වංචා සිදු කෙරූ සියලුම දෙනාට දඬුවම් පැමිණවීම ඔවුන්ගේ මූලික අරමුණ බව සඳහන් කළේය.ඒ අනුව බොහෝ පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් කටයුතු කළේය.

ඒ අනුව ඉකුත් කාලයේදී සිදුව ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පියකු සහ ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දැරූ කිහිප දෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසම කඩිනම් විමර්ශන ආරම්භ කර තිබේ.

රුපියල් කෝටි 03 කට ආසන්න මුදලක් රජයට පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ජනප්‍රිය ගායන ශිල්පියා අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිත ආරක්ෂක අංශ පුද්ගලයන් අතර පොලිසියේ ඉහළ තනතුරු දරන පිරිසක් මෙන්ම විශ්‍රාමික පිරිසක්ද සිටින බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

පසුගිය කාලයේදී මෙම ගායන ශිල්පියා විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයට එරෙහිව සහ විවිධ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ ආරක්ෂක අංශවල ප්‍රධාන තනතුරු දැරූ කීප දෙනකුට එරෙහිව පැමිණිලි ලැබී තිබුණත්, ඒවා පිළිබඳ නිසි අයුරින් විමර්ශන කර තිබුණේ නැහැ.

ඇතැම් විමර්ශන විවිධ බලපෑම් හේතුවෙන් යටගොස් තිබුණා. එම නිසා එහි විමර්ශන යළි ආරම්භ කිරීමත් සමගම සාක්ෂිකරුවන් රැසක් අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශ දී තිබෙනවා. ඒ අනුව විමර්ශනයේදී අනාවරණය වන කරුණු මත අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා’’

යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *