BREAKING NEWS
Search

ජනප්‍රිය නළුවෙකු දිවියෙන් සමුගනී

1894
ඔහුගේ රංගනය කාගේත් සිත් ඇදගන්නට සමත්වූවක්..
කාලයක් තිස්සේ රෝගයකින් පීඩාවිඳි ඔහුගේ මේ මරණය ඇත්තටම ඔහුගේ රසික‍යින්ට නම් දරාගන්න බැරි දුකක්..

අමෙරිකානු ජනප්‍රිය නළුවෙකුවන ජෝ මින්ජාරෙස් මියගොස් තිබෙනවා..

මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා..

මරණයට නිශ්චිත හේතුවක් දක්වා නොමැති නමුත්, ඔහු නියුමෝනියාව සහ පෙනහළු ආශ්‍රිත ගැටළු හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..

ඔහු පෙනහළු සම්බන්ධ ගැටළු සමඟ දශක ගණනාවක් තිස්සේ පීඩා විඳ ඇති අතර, 2017 දී පෙනහළු බද්ධ කිරීමකට භාජනය වී තිබෙනවා..

1964 සිට 1968 කාලයේ දී එක්සත් ජනපද හමුදාවේ සේවය කිරීමෙන් පසුවයි ඔහු රංගන ජීවිතය ආරම්භ කර ඇත්තේ..

ඒ, පැටී රොක්ස් චිත්‍රපටයෙන්..

ඔහු වඩාත් ප්‍රසිද්ධත්වයට පත් වූයේ The Truman Show හි බාර්ටෙන්ඩර් කෙනෙකුගේ චරිතය නිරූපණය කිරීම සඳහායි..

එමෙන්ම ඔහු Roseanne හි පොලිස් නිලධාරියෙකු ලෙස ද පෙනී සිටියා..

ඔහුගේ රංගන ජීවිතය තුළ, ඔහු Nothing to Lose, Virus සහ 2011 චිත්‍රපටය වන Thin Ice හි රඟපා තිබෙනවා..

1971 දී, මින්ජාරෙස් තම බිරිඳ සූ සමග එක් වී අවන්හලක් ආරම්භ කර තිබුණා..

ඔහු තම ව්‍යාපාර පවත්වාගෙන යාමත් සමගම නැගී එන විකට නළුවෙකු සහ නාට්‍ය රචකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *