BREAKING NEWS
Search

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් හදිස්සියේ පාසලකට ගොඩබස්වයි..

1263
මේ තවත් එක් විශේෂ සිදුවීමක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
ගුවන් හමුදාවට අයත් බෙල් -412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හොරණ තක්ෂිලා විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත අද උදෑසන හදිසිය් ගොඩ බස්වා තිබෙනවා…

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ ප්‍රකාශ කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම යානය ගොඩබස්වා ඇති බවයි…

පුහුණු සැසියක් සඳහා අද උදෑසන රත්මලාන ගුවන් හමුදා කදවුරෙන් එය ගුවන් ගතවී තිබුණා..

කෙසේ වෙතත් ගොඩබැස්වූ යානය ටික වේලාවක් ක්‍රීඩාංගණයේ නතර කර තැබීමෙන් අනතුරුව යළි රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පියාසර කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *