මේ දිනවල ජර්මනියේදී පැවැත්වෙන 2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ විනෝද් සඳරුවන්, එම ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
ඔහු අදාළ තරගාවලියේ පිරිමි තුන්පිම්ම ඉසව්ව හෙට නියෝජනය කිරීමට සිටි අයෙක්.
රටවල් 150 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,500 කට අධික සංඛ්‍යාවක් මෙවර ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන අතර, ඊට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටිනවා.

















