...
BREAKING NEWS
Search

තවත් ගුවන් අනතුරක්

809

රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන – රුසියා දේශසීමාව අසල දී සොයැගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මගීන් 49 දෙනෙකු සමඟ අතුරුදහන් වූ මෙම An-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් වූවකි.

මේ සම්බන්ධයෙන් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන RIA Novosti වාර්තා පළකරමින් කියා සිටින්නේ, යානයේ ගමනාන්තයට කි.මී. 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි.

කෙසේවෙතත් මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාවේ Tynda වෙත ගමන්ගන්නා අතරතුර දී නැගෙනහිර රුසියාවේ Amur කලාපයේ දී රේඩාර් පද්ධතියෙන් මෙම යානය අතුරුදහන්ව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.