BREAKING NEWS
Search

ලංකාවට එන්න බෑ කියූ ශාරුක් වෙනුවට රිතික් රෝෂන් ලංකාවට – වීඩියෝව මෙන්න

116

‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ සහ ‘සිනමන් ලයිෆ්’ (Cinnamon Life) විසින් දියත් කර ඇති ප්‍රවර්ධන ව්‍යාපාර තුළ ශාරුක් කාන් ගේ පැමිණීම පිළිබඳව දැනුම්දී තිබු අතර නැවත ප්‍රකාශ කර සිටියේ නොවැලක්විය හැකි හේතුවක් නිසා ශාරුක් එම උත්සවයට සහභාගී නොවන බවයි. දැන් අපට දැනගන්න ලැබෙන්නේ මෙම උත්සවය සදහා රිතික් රොෂාන් සහභාගී වෙන බවයි.

සංවිධානය කර ඇති අතර සමාරම්භක උළෙල ශ්‍රී ලංකාවේ සංචාරක සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය සඳහා සන්ධිස්ථානයක් වනු ඇති අතර, ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් රැසකගේ අවධානය ඒ වෙත යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, රටේ ආර්ථික අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැදගත් සලකුණක් ලෙසද මෙය සැලකේ.

‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ යනු මෙරට සුඛෝපභෝගී ජීවන රටා ක්ෂේත්‍රයේ සිදු කළ විශාලතම පෞද්ගලික අංශයේ ආයෝජනයයි. ජෝන් කීල්ස් සමාගම මගින් කොළඹ නගරය ගෝලීය සංචාරක සහ විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මෙම ස්ථානයේ කැසිනෝ ක්‍රීඩා සිදුකිරීමට අවසරයද හිමිව ඇති අතර ඉදිරියේදී විදේශ සංචාරකයින් ඒ නිසාම පැමි‍ණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනය පිහිටුවීමක් ලෙසද විස්තර වේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *