BREAKING NEWS
Search

තරුණයෙක්ට දිවි අහිමි කල නුගේගොඩ ගුවන්පාලම උඩ අනතුර

778

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී තිබේ.

අද (23) අලුයම ත්‍රිරෝද රථයක් මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 21ක් හැවිරිදි මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිරිහාන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *