BREAKING NEWS
Search

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – ළමුන් 16ක් රෝහලට

287

බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත.

මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී බස් රථය නැවතී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ වනවිට ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *