BREAKING NEWS
Search

පෑන් ඉරක් නිසා ළමුන් 11 ක් රෝහලේ

1246

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බියගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් පිරිසක් හදිස්සියේ රෝහල්ගත කිරීමට සිදුවූ පුවතක් පිළිබඳව වාර්තාවේ. ඒ අනුව හතරවන ශේණියේ ” 3 ” පන්තියේ සිසු සිසුවියන් 14 දෙනෙකු අද ( 21 වැනිදා ) දහවල් හදිසියේ අසනීප වී ඇත.

මෙම සිසු සිසුවියන්ට කැසිල්ලක් ඇතිවීම හේතුවෙන් ඔවුන් බියගම රජයේ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිසුන් අතර පිරිමි සිසුන් 08 දෙනෙකු හා සිසුවියන් 06 දෙනෙකු මෙසේ රෝහල් ගත කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව කියති.

මේ පන්තියේ සිසුවෙකු විසින් පාසලට ගෙන එන ලද කාබන් පෑනකින් එම සිසුන්ගේ ඇගේ ඉරි ඇද තිබෙන අතර එම ඉරි වතුරෙන් සේදීමෙන් පසුව ඔවුන්ට කැසීම ඇති වි තිබෙන බවට සැක කෙරේ. මෙය සිදු වූ ආසාත්මිකතාවයකින් ඇති වූ දෙයක් ද යන්න පිළිඹදව විමසීම් සිදුකරයි.

මේ සිද්ධිය පිළිබඳව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා ප්‍රබෝදනී , ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත රාජකරුණා හා කාන්තා පොලිස් කොස්තාපල් සෙව්වන්දි ( 7814 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *