BREAKING NEWS
Search

පිරිමින් අඩුවෙලා. තරුණියන් තනි වෙලා

932

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කාන්තාවන්ට සාපේක්‍ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇතැයි ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.

මේ හේතුවෙන්  ශ‍්‍රම බලකායට මෙන්ම සමාජ ප‍්‍රගමනයට එය බාධාවක් වී දිළිඳු ග‍්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව අමින්ද මහතා පැවැසීය.

සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අමින්ද මහතා මෙසේද පැවසීය.

1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් සියයකට පිරිමින් 93.7ක් බවට අඩු වෙලා.

කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.

අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්‍ෂණික පිීඨවල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප‍්‍රතිශතය වැඩියි. මේ අසමතුළිතතාවය ජාතික ශ‍්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නැහැ.

කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. එසා මේ අඩුවීම ශ‍්‍රම බලකායට ඍජුවම බලපාන්නවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *