Search

සරුංගලයක් හදන්න ලී කපන්න ගිය දරුවා බෝම්බයක් ගෙදර ගෙනත්

482

සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකු සරුංගලයක් සෑදිම සඳහා කෝටු කපාගෙන ඒමට නිවස පිටුපස කැලයට ගිය අවස්ථාවේ මෙම බෝම්බය දැක නිවසට ගෙනැවිත් ඇත.

මේ අතර සිසුවාගේ මාමා අද දහවල් එම නිවසට පැමිණි අවස්ථාවේ ළමයා බෝම්බයක් අතේ තබාගෙන සිටිනු දැක බියට පත්ව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට දැනුම් දි තිබේ. පසුව පොලිසිය පැමිණ පරික්ෂා කර බැලිමේදි අනාවරණයවි ඇත්තේ මෙය යුද හමුදා නිලධාරින් විසින් පාවිච්චි කරනු ලබන බෝම්බයක් බවටය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *