BREAKING NEWS
Search

පෙම්වතා බේරීමට ගොස් වියානා ඇළේ සැඟව ගිය පෙම්වතියගේ සිරුර හමුවෙයි

29

මහියංගනය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇළෙහි ඇල කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරා ගැනීමේදි දියේ ගිලී අතුරුදන් වූ පෙම්වතියගේ සිරුර හමුව තිබේ.

ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති අතර ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපළ ඇළ කණ්ඩිය මතින් ඇවිද සිටියදී දිය සෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා දියට වැටී තිබේ.

එම අවස්ථාවේදී පෙම්වතිය ඔහුව බේරා ගැනීමට අත දී ඇති අතර පසුව දෙදෙනාම ඇළට වැටී ඇත.

පසුව එම ස්ථානයෙන් ගිය මහියංගණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.

කෙසේ නමුත් ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඇගේ සිරුර අද (20) උදෑසන සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 26 හැවිරිදි සිසුවියක් වන අතර ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *