BREAKING NEWS
Search

TikTok තරුව ‘Papa Jake’ ජීවිතයට සමුදෙයි

191

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සමාජ මාධ්‍ය තුල ‘පපා ජේක්’  Papa Jake නමින් ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් වයස අවුරුදු 102 දී මිය ගොස් තිබේ.

ඔහු දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වේ.

1944 දී උතුරු ප්‍රංශයේ වෙරළ තීරයේ නාසි ජර්මනියේ හමුදාවන්ට පහර දුන් ඩී-ඩේ හි මිත්‍ර හමුදා අතර ලාර්සන් ද සිට ඇත.

සමාජ මාධ්‍ය වැලඳ ගත් ලාර්සන් ට TikTokහි අනුගාමිකයින් මිලියන 1.2 ක් සිටින අතර ඒ හරහා ඔහු දෙවන ලෝක යුද්ධයේ සහ ඔහුගේ මියගිය සගයන් සම්බන්ධ මතකයන් කථාකරමින් සමාජය සමඟ බෙදා ගත්තේය.

දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ “D-Day” නමින් හඳුන්වන දිනයෙ හි 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය-ඉරාන මාධ්‍යවේදී ක්‍රිස්ටියන් අමන්පූර් විසින් ලාර්සන් සමඟ සිදුකළ සම්මුක සාකච්ඡාව සඳහා  එමී සම්මානයක් දිනා ගත්තේය.

ඔහුගේ මිනිබිරිය මැකේලා ලාර්සන් සමාජ මාධ්‍ය හරහා පවසා ඇත්තේ ඔහු ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඉතාම සතුටින් ඔහු ජීවත් වූ බවත්ය.

දෙවන ලෝක යුද්ධයේදී බල්ජ් සටනේදී ඔහු එක්සත් ජනපද හමුදාවේ ද සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *