BREAKING NEWS
Search

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අධිචෝදනා

1549

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.

ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරු නියම කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *