2025 පෙබරවාරි 15 වන දින, ඇය සිය නිවසේ නිදා සිටියදී ගින්නකට හසුවී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර, එම අවස්ථාවේදී ඇයගේ සැමියා රෝහලට සහ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ රාත්‍රියේදී මදුරු දඟරයක් දැල්වීමට යාමේදී ඇගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.
ඒ අනුව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇගේ සැමියා විසින් ඇගේ සිරුරට ගිනි තබා ඇයව ඝාතනය කර ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේ ඇය මාස හයක ගැබිනියක්ව සිට ඇති අතර, සැකපිට අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරියෙකු වන ඇයගේ සැමියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා.




















