BREAKING NEWS
Search

පැන්ෂන් පඩි ඉල්ලා හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සැරසෙති

174

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බවයි.

මෙය අන්ත අසාධාරණ තීරණයක් බව පවසන මානගේ මහතා තමන්ගේ බෙහෙත් ටික ලබා ගැනීමට විශ්‍රාම වැටුප එනතුරු බලාගෙන සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙම තීරණයෙන් මහත් කරදරයකට වැටෙන බවද සඳහන් කළේය.

පවුලක මූලික අවශ්‍යතා පවා විශ්‍රාම වැටුපෙන් සපුරා ගත නොහැකි පසුබිමක යටතේ එම වැටුප අහෝසි කිරීමෙන් ඇතිවන තත්ත්වය කෙබඳු දැයි සිතා බලන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *