Search

කුකුලෙක් ගිය උඩ … කුකුළු මස් මිල හිතාගන්නවත් බැරි ගණනකින් ඉහලට

1615
මේ කුකුළු මස් මිල ගැන ඇහෙන අලුත්ම කතාවක්….
වෙළෙඳපොළ තුළ අධික ඉල්ලුමක් නොමැති අවස්ථාවක කුකුළු මස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තිය සමිති අවධාරණය කරන්නේ කුකුළු මස් ව්‍යාපාරයේ නිරත අතරමැදියන්, අධික ලාභ ඉපැයීමට කටයුතු කිරීම හමුවේ කුකුළු මස් මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙරට කුකුළු මස් මිල පසුගිය කාලයේදී අධික ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව කුකුළු මස් පරිභෝජනය සීග්‍ර ලෙස අඩු කර තිබුණා.

මේ වන විට යළිත් වරක් කුකුළු මස් මිල රුපියල් 1300 ඉක්මවා ඉහළ ගොස් ඇති බවයි වළෙඳුන් සහ පාරිබෝගිකයින් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *