BREAKING NEWS
Search

මගී ජිවිත අවදානමේ දමමින් වසා තිබූ දුම්රිය හරස් මාර්ගයෙන් බස් එක දැමූ රියදුරු – වීඩියෝව මෙන්න

569

නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අවදානම නොතකා ඒ හරහා බස් රථයක් ධාවනය කළ රියදුරා නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 17වනදා මෙම බස් රථය ගිනිගත්හේන, ලක්ෂපාන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය කර ඇති අතර වරකාව දුම්රිය හරස් මාර්ගය අසළට පැමිණෙන විටත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වසා දමා තිබුණි.

කෙසේ වෙතත් බස් රථ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවේ රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කළේය.

එම ස්ථානයෙන් බස් රථය පිටත් වී සුළු වේලාවකින් මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන්ගත් මගී ප්‍රවාහන දුම්රිය පිටත්ව ගියේය.

මෙම සිදුවීම අසළ තිබූ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව එම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඇප මත මුදාහැරුණි.

කෙසේ වෙතත් සැකකරුට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *