BREAKING NEWS
Search

වෑන් රථයක් පෙරලීමෙන් සිදු වූ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහලට

2648

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (20) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.

මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබුණි.

අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබේ.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අයත් වේ.

එමෙන්ම තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගැනුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *