BREAKING NEWS
Search

හවුස් ෆුල් එකේ ප්‍රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා… නමුත් මේ නිළිය ලොකේෂන් එකට එන්නෙ 11ට

10795
සුනිල් ටී ප්රනාන්දුගේ 75 වන සිනමා නිර්මාණය වුණේ, ‘හවුස් ෆුල්’ සිනමා පටය.
චිත්රපටය ගැන ගෙවුණු කාලයේ ලොකු කතාබහක් ඇති වුණා.
කොහොම නමුත් එහි නිෂ්පාදකවරයා වුණු සුනිල් ටී නම් කියන්නෙ, තමන් චිත්රපටය ගැන සෑහීමකට පත් නොවුණු බවක්.
ඊට සම්බන්ධ වුණු නළු නිළියන්ගේ ඇතැම් ක්රියාකලාපයන්, ඔහුගේ මෙම කලකිරීමට හේතුවෙලා තිබුණා.
ඒ වගේම හවුස් ෆුල් සඳහා ලබාදුන් දර්ශන වාර ගැනත් ඔහුට ඇත්තේ කලකිරීමක්.
සුනිල් ටී කියන හැටියට, ඔහුට චිත්රපටය වෙනුවෙන් මනාවූ සහයෝගයක් ලබාදීලා තිබුණේ, ජීවන් විතරයි.
”මේකෙ ඇත්තටම හිටියෙ රංජන් රාමනායක. රංජන් රාමනායකට තමයි කතාව ලිව්වෙ. එතකොට තේරෙනවා ඇතිනෙ ආදේශ කළ නළුවා රංජන් එක්ක හැරෙන්නවත් බැහැනෙ.
නමුත් ඒ නළුවා තව ෆිල්ම් තුන හතරක් කළාට පස්සෙ අද එයා තමයි ලංකාවේ හීරෝ වෙන්නෙ. එතකොට මේ ප්රඩියුසර්ගෙ සල්ලිවලින් නේද එයා හීරෝ වෙන්නෙ. අපි ඒ චාන්ස් එක දුන්නෙ නැත්නම් කවුරුත් එයාට ඒ චාන්ස් එක දෙන්නෙ නෑනෙ.
රංජන් අපිව අනාත කළා. රංජන් එන්නම් කියලා මාස හයක් තියාගෙන ඉඳලා ආවේ නෑ.
රන්ජා කියන ෆිල්ම් එකත් හැදුවෙ මමනෙ. එතන රංජන්ව ගෙනාවෙත් මමනෙ. ‘කෝ හතුරෝ’ කාලෙ ඉඳන්ම එයා මාත් එක්ක හිටියා…”
මීට අමතරව හවුස් ෆුල් හි ප්රධාන නිළිය ගැනත් ඔහුට තිබුණේ දැඩි කලකිරීමක්…
”හවුස් ෆුල් එකේ ප්රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්රෙස්ට් එක කනවා. ඕට්ස් කනවා. මේ උදේ වරුවට විතරයි. දවල් රෑ තව තියෙනවා. අපි ඇල්ලෙ ඉන්නෙ… එතකොට හිතන්න දවලුයි රෑයි එනකොටත් අපි කොච්චර වියදමක් කරනවද. නමුත් මේ නිළිය එන්නෙ 11ට ලොකේෂන් එකට. ඒ නිළිය වෙනුවෙන් අපි කාමර 3ක් වෙන් කරලා තියෙනවා. මේකප් කරන්න එක්කෙනයි, ඩාන්සින්වලට එක්කෙනයි… එක රූම් එකක් 37 500යි.
එහෙම කැපවීමක් කරලා, ඒ නිළියගෙ සපෝර්ට් එක.. ඒ ෆිල්ම් එක බලනකොට ඒ නිළියගෙ සපෝර්ට් එකක් නෑ. මට හරි කලකිරීමක් ඇත්තෙන්ම තියෙන්නෙ.”
උපුටාගැනීම : Aruna Gunarathna සමඟ කළ කතාබහක් ඇසුරින්
ChannelE



Leave a Reply

Your email address will not be published. Required fields are marked *