BREAKING NEWS
Search

මුහුණු පොතින් හදුනාගත් පෙම්වතා සිසුවියට කල දේ

467

පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව  ලිදුල පොලිසිය කියයි.

මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට (15) දින නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බව ලිදුල පොලිසිය කියයි.

පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්, තමා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා වහා ත්‍රියාත්මක වී පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාගේ උ‍පදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු පාසල් සිසුවිය සමග  අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *