සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ.
බිරින්දෑවරුන් දෙදෙනා ඇති කරගත් එකගතාවට අනුව සතියේ මුල් දින තුන එක් භාර්යාවක් සමගත් ඊළග දින තුන අනෙක් බිරිඳ සමගත් ගත කිරීමට තීරණයට එළඹ ඇති අතර ඉරිදා දිනය මෙම සැමියාට තනිව සිටීමටයි අවස්ථාව හිමිවී ඇත්තේ.
මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සැමියාගේ මාසික වැටුප වන ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස් දහස ද බිරින්දෑවරුන් දෙදෙනා අතර සමසේ බෙදි යනු ඇති.
ඔහුගේ මහල් නිවාස දෙක ද බිරින්දෑවරුන් දෙදෙනාට ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
ඔහු දෙදෙනා සමඟ ජීවත් වීමට බැඳී නොමැති අතර ඕනෑම තැනක ජීවත් වීමට නිදහස පවතිනවා.
මෙම ගිවිසුම කඩ කළහොත් පළමු බිරිඳට එම පුද්ගලයාට එරෙහිව අධිකරණයට යා හැකි බවටයි ගිවිසුමේ සඳහන් වන්නේ


















