BREAKING NEWS
Search

ෆීලික්ස් බෝම්ගාට්නර් උඩු ගුවනේ දී මරුට

6912

අභ්‍යවකාශය අද්දර සිට පෘථිවියට පැනීමෙන් 2012 වසරේ දී ලෝක වාර්තාවක් තැබූ 56 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් ඉතාලියේ පැරා ග්ලයිඩින් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිය දී උඩු ගුවනේ දී හෘදයාබාධයක් වැළඳී ඊයේ(17) මියගොස් ඇතැයි එරට පොලිසිය තහවුරු කළේය.

ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් අභ්‍යවකාශයේ අද්දරට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ මිනිසා ලෙස ෆීලික්ස් බෝම්ගාට්නර් 2012 වසරේ දී ලෝක වාර්තාව තබා තිබිණි.

පොළවේ සිට මීටර 39,040ක් ඉහළ සිට බෝම්ගාට්නර් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා පොළවට පැන තිබූ අතර එහිදී ඔහු පැයට කිලෝමීටර 1300 කට වඩා වැඩි වේගයකින් පොළව දෙසට ගමන් කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *