16 හැවිරිදි පාසල් සිසුවා හිතාගන්නවත් බැරි අමුතු ගේමක් ගහලා

12264

දඹදෙණිය කර්මාන්ත පුරය මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා කමැති යතුරුපැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ සඟවා තිබූ යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ගිරිඋල්ල මල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකාර පාසල් සිසුවා සමඟ මෙම සොරකමට සම්බන්ධ බවට සැක කරන තවත් අයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරයි.

සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙලෙස යතුරු පැදි සොරකම් කර ඒවා කැබලි වලට ගලවා කොටස් අලෙවි කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *