BREAKING NEWS
Search

ශාරුක් ඛාන් ලංකාවට එන්නේ නෑ

140

නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලැසුම් කළ පරිද්දෙන් එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළහ.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වේ. මීට පෙර සංවිධායකයන් තහවුරු කර තිබුණේ එළැඹෙන 2 වැනිදා පැවැත්වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.

ෂාරුක් ඛාන්ගේ සිත තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ස්ථානයක් තිබෙන බවත් සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට ඔහු උනන්දුවෙන් සිටි බව සංවිධායකයෝ ප්‍රකාශ කළහ. විවෘත වීමේ උත්සවයට සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු කණගාටු වන බවත් අනාගතයේදී ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි අවස්ථා පිළිබඳව සොයා බලන බවත් සංවිධායකයෝ පැවැසූහ.

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසොර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් යටතේ ඉදිවූවකි. මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් මෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලුම දේ ඇතුළත්ය.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනයද වේ. සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි කාමර හා නිවාස 800 ක් තිබෙන අතර ඉන් 687 ක් සිනමන් ලයිෆ් සන්නාමය යටතේද, 113 ක් සුඛෝපභෝගී කාමර ලෙස නුවා සන්නාමය යටතේද ක්‍රියාත්මක වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *