හෝමගම පනාගොඩ සුහද මාවත ප්රදේශයේ නිවසක් අසල තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙම මළ සිරුර හෝමාගම පොලීසිය විසින් අද (17) සොයා ගෙන ඇත.
මෙය ඝාතනයක්ද, ස්වාභාවික මරණයක්ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වන බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.
හෝමාගම මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
















