BREAKING NEWS
Search

ත්‍රිරෝද රථ රියදුරන්ට පොලීසියෙන් පණිවිඩයක්

6602

රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථයේ ලියකියවිලි ද අදාළ පිරිස විසින් රැගෙන ගොස් ඇත.

දරුවෙකු වඩාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් රාත්‍රී 9.00ට පමණ කොට්ටාව නගරයෙන් මෙම ත්‍රිරෝද රථයට ගොඩ වී තලගල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පවසා තිබේ.

රියදුරු පොලීසියට පවසා ඇත්තේ එහි සිටි එක් පුද්ගලයෙක් පසුපස සිට තම දෑස් ඔහුගේ දෑතින් වසා මිරිස් කුඩු වැනි යමක් ආලේප කළ බවය.

පසුව ඔහුව රථයෙන් ඉවතට තල්ලු කළ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහතැන්න පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙවැනි කොල්ලකෑම් වරින්වර සිදුවන බවත් කුලී ත්‍රීරෝද රථ ධාවනයේ යෙදෙන රියදුරුන් රාත්‍රී කාලයේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් පොලීසිය පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *