BREAKING NEWS
Search

ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියට කොළඹ ජාතික රෝහලේදී සිදු වූ අකරතැබ්බය

2375

ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම අයුරින් විවෘත කොට එහි තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් අද (15) සොරා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

දමයන්ති ෆොන්සේකා මහත්මිය වෛද්‍යවරයකු හමු වීම සඳහා විදුලි සෝපානයෙන් ඉහල මාලයට යන අතරතුර මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

සොරකම සිදුවන අවස්ථාවේ විදුලි සෝපානයේ අධික තදබදයක් පැවැති බව කියති. ගැට කපන්නා ඉතා සූක්ෂම ලෙස අත් බෑගයට අත දමා මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන තිබේ.

නිළි රැජින අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ  නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ භාර්යාවයි.

අත් බෑගයෙහි මුදල් වලට අමතරව දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ජාතික හැදුනුම් පත ද තිබී ඇති ඇත.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු ලබාදුන් රංගන වේදනී දමයන්ති ෆොන්සේකා මහත්මිය පැවසුවේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් වන ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙවැනි සොරකම් සිදුවීම ගැන කඩිනම් පියවර ගත යුතුව ඇති බවයි.

ඇතැම් විට සැත්කම් ආදියට වියදම් කිරීම සඳහා කන කර පවා උකස් කර අසීරුවෙන් මුදල් සොයා ගෙන එන අහිංසක ජනතාවගේ මුදල් රෝහල් පරිශ්‍රයේදී ආරක්ෂා කරදීමට රෝහල් බලධාරීන්ට වගකීමක් තිබෙන බවද දමයන්ති ෆොන්සේකා මහත්මිය කීවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *