ආරුගම්බේ සංචාරක කලාපය තුළදීයි උඩුකය නිරුවතින් මාර්ගයේ ගමන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික තරුණියට වසර 05 කට අත්හිටවූ සිර දඩුවම් නියම කිරීමට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා..
ඒ ඇය අද පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි..
26 හැවිරිදි ඇය එහිදී වරද පිළිගත් බව පොලිසිය සදහන් කළා. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ අවිනීතව හැසිරීම සහ මහජනතාව පීඩාවන අයුරින් කටයුතු කිරීම යන චෝදනා දෙකට වෙන් වෙන්ව සති දෙකක සහ මාසයක සිර දඩුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමටයි පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ..
ඊයේ දහවල් මෙම තරුණිය ආරුගම්බේ සංචාරක කලාපයේ හෝටලයක පිවිසුම දක්වා උඩුකය නිරුවතින් ගමන් කරන අකාරය දැක්වෙන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණු අතර අනතුරුවයි ඇය අත්අඩංගුවට ගත්තේ..
සිය පෙම්වතා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇය මෙලෙස හැසිරී ඇති බවද පොලිසිය කියා සිටියා..


















