රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ආරුගම්බේ සංචාරක කලාපයේ ප්‍රධාන මාර්ගයේ උඩුකය නිරුවත්ව ගමන් කළ 26 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක් පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මේ සම්බන්ධයෙන් අප පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ, ඇය මානසික ආබාධයකින් පෙළෙන බව ඇගේ ස්වාමිපුරුෂයා පැවසීම හේතුවෙන් ඇයව පොතුවිල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි..
සර්ෆින් ක්‍රීඩාව සුලබව සිදුවන ආරුගම්බේ සංචාරක කලාපය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ දැඩි කථාබහක් මතු වුණේ, එහි පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් නව නීති පැනවීමත් සමඟයි..
ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බිකිනි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයට ගමන් නොකරන ලෙසට පොලිසිය විසින් දැනුවත් කිරීම් සිදු කර තිබූ පසුබිමක ආරුගම්බේ සංචාරක කලාපයේ ප්‍රධාන මාර්ගයේ 26 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක් උඩුකය නිරුවත්ව ගමන් කරන ආකාරය ඇතුළත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා..
ඒ අනුව පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මේ සම්බන්ධයෙන් අප පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ, ඇය මානසික ආබාධයකින් පෙළෙන බව ඇගේ ස්වාමිපුරුෂයා පැවසීම හේතුවෙන් ඇයව පොතුවිල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි..
කෙසේවෙතත් ඇයට මානසික ආබාධ තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය නොවන බවත් පොලිසිය සඳහන් කළා..
අදාළ කාන්තාව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළා…
ඒ, මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ සංචාරක කර්මාන්තය පිළිබඳව පැවැති සාකච්ඡාවකදීයී..
















