BREAKING NEWS
Search

හරක් කටා අධිකරණයට

173

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද (15) ආරම්භ විය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණි.

මෙම නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂි සටහන කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල් තබනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *