ඇය මේ ගෙවූ ජීවිත කාලයේ අපහසුම සමය ගත කරන්නට ඇත්තේ ඒ දරුණු පිළිකා මාරයා සමඟ සටන් ගන්න ගත්තේ මොහොතේ පටන් බව මේ වන විටත් ඇයට ආදරය කරන රසික රසිකාවියන් දන්නා පුවතක්..
මේ කියන්නේ දකුණු කොරියානු නිළියක් නික්ම ගිය පුවත ගැන ඇසෙන සංවේදී කතාවක්..
ආමාශ පිළිකාවක් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටි දකුණු කොරියානු නිළි කැන්ග් සියෝ-හා,ඊයේ ජීවිතක්ෂයට පත් වුණා… මියයන විට ඇයට වයස අවුරුදු 31 ක්…
අවමංගල්‍ය පෙරහැර ජූලි 16 වන බදාදා KST කොරියානු වේලාවෙන් පෙ.ව. 7:40 ට ආරම්භ වන බවත්, සෝල් අනුස්මරණ උද්‍යානය හරහා ගොස් ඇගේ ආදාහනය සමඟ අවසන් වන බවත් වාර්තා වෙනවා..



















