BREAKING NEWS
Search

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විරෝධතාවයක්

154

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන්නැයි ඉල්ලා එම විදුහලේ ආදි සිසුන් සහ මවුපියන් එක්ව අද (14) විරෝධතාවක නියැලුණි.

සිසුන් 5,000ක් පමණ අධ්‍යාපනය හදාරන බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා 2,000කට අධික පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව තිබුණි.

එහිදී විරෝධතාකරුවන් පැවසුවේ අදාළ විදුහල්පතිවරයා මෙම විද්‍යාලට පැමිණ මාස 3ක් ගත වන බවත් අද වන විට විදුහල්පතිවරයාගේ දුර්වල කළමනාකරණය හේතුවෙන් බණ්ඩාරනායක විදුහල අවුරුදු 107ක ඉතිහාසය පුරාවට අත්විඳින නියමිත කුරිරම ඉරණමට වර්ථමාන විදුහල්පතිවරයා හේතුවෙන් අත්විඳින බවය.

මේ හේතුවෙන් අදාළ විදුහල්පතිවරයා එම විදුහලෙන් ඉවත් කර ඒ වෙනුවට දක්ෂ පළපුරුදු විදුහල්පතිවරයෙකු පත් කරන ලෙසත් විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලා සිටියේය.

එමෙන්ම විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම විදුහල්පතිවරයා කෑගල්ල ප්‍රදේශයේ විදුහලකට නිර්දේශ කර ඇති මුත් දේශපාලන බලයක් ක්‍රියාත්මක වීමෙන් ඔහුව බණ්ඩානායක විදුහලට යොමු කර ඇති බවය.

එමෙන්ම වර්ථමාන විදුහල්පතිවරයා කිසිදු පාසලක විදුහල්පති ධුරයක් දැරීමටද සුදුසුකම් ඇති පුද්ගලයෙකුද නොවන බවත් මෙහිදී විරෝධතාකරුවන් චෝදනා කළේය.

ආදි සිසුන් සහ මවුපියන් එක්ව පැවැත්වූ මෙම විරෝධතාවට පසුව උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී විරෝධතාව සඳහා එම පාසලේ සිසුන් ද එක්විය.

පසුව ඇතිවූ විරෝධතා මධ්‍යයේ විදුහල්පතිවරයා පාසලෙන් පිටව යාමටද කටයුතු කරනු දක්නට ලැබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *