BREAKING NEWS
Search

හයේෂිකාට අපහස කිරීම වළකමින් වාරණ ආඥා තුනක්

172

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාථමික පාසල් දරුවන්ට උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මාට” අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් කොන්දේසි සහිත වාරණා ආඥා තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය  අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව අද (14) නිකුත් කළාය.

හයේෂිකා පනාන්දු මහත්මිය විසින්  2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව  පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත වාරණ නියෝග නිකුත් කළාය.

චමින්ද රණවීර හෙවත් සම්පත්,සුදත්ත තිලකසිරි, හා රජාංගනයේ සද්ධාරත්න හිමි  වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිළි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥා නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසිද නිකුත් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක රාහුබැද්ද මහතා  අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකාරිය  සම්බන්ධයෙන් අසත්‍ය සහ දේවේශ සහගත කරුණු වග උත්තර කරුවන් විසින් අන්තර්ජාලයේ පළ කරමින්  සිටින බවය.

අදාළ ප්‍රචාර තවදුරටත් උඩුගත කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්  උත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත්, නොතීසි නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිලිකාරිය වෙනුවෙන් දර්ශිකා අයෝමි සහ ධනුෂ උඩවත්ත යන නීතිඥ මහත්වරුන් කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  වගඋත්තරකරුවන්ට කොන්දේසි සහිත වාරණ ආඥා නිකුත් කරමින්  ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළාය.

lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *