BREAKING NEWS
Search

තමන්ගේම දියණිය දියුණු වෙනවට ඉරිසියාවේ තාත්තෙක් දුවෙක්ට කල අහස පොලොව නුහුලන අපරාධය

20717

ඉන්දියාවේ ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ රාධිකා යාදව්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය රාධිකා (වයස 24), පසුගිය ජූලි 10 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.30ට පමණ ඇගේ නිවසේ උයමින් සිටියදී, ඇගේ පියාවන දීපක් යාදව් (වයස 54) විසින් බලපත්‍රලාභී පිස්තෝලයක් භාවිතයෙන් ඉණට වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්විය.

ඇයට වෙඩි උණ්ඩ 4ක් වැදී ඇති බව ද මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වේ.

දීපක් යාදව් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාධිකාගේ ඝාතනය පිළිබඳ නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති නමුත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ සාර්ථකත්වය සහ මුදල් උපයා ගැනීම පිළිබඳ ඇතිවූ පියාගේ ආතතියක් හේතුවී මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

රාධිකා, පුද්ගලික ටෙනිස් ඇකඩමියක පුහුණුකාරිනියක් ලෙස සේවය කළ අතර, උසස් පෙළේ ක්‍රීඩකයන්ට පුහුණුව ලබා දී තිබුණි.

ඒ අනුව, දියණිය උපයන මුදල් වලින් පියා යැපී සිටි බවත්, ඇය තමාට වඩා වැඩි මුදල් උපයන බවට ඔහු නිරන්තරයෙන් අපහාස කර ඇති බව ද වාර්තා වේ.

ඒ වගේම, රාධිකාට ඇකඩමිය නොයන ලෙස දීපක් යාදව් කිහිප වතාවක් උපදෙස් දුනද, ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දීය පොලීසිය පවසන්නේ, රාධිකාගේ ඉන්ස්ටග්‍රෑම් රීලයක් සහ සංගීත වීඩියෝවක්ද ඔහුගේ කෝපයට හේතුව වී තිබිය හැකි බවයි.

2000 මාර්තු 23 දින උපන් රාධිකා, ජාතික හා ජාත්‍යන්තර ටෙනිස් තරඟ රැසකට සහභාගී වී ඇති අතර, ඉන්දීය ටෙනිස් සංගමය (AITA) අනුව, 18න් පහළ බාලිකාවන් වර්ගය – 75 වැනි ස්ථානය කාන්තා යුගල් වර්ගය – 53 වැනි ස්ථානය කාන්තා කේවල වර්ගය – 35 වැනි ස්ථානය ඉන්පසුව, ඇය ජාත්‍යන්තර ටෙනිස් සංගමයේ (ITF) තරඟ මාලාවකදී 113 වන ස්ථානයට පත් වී සිටින්නීය.

රාධිකාගේ ඥාතීන් සඳහන් කරන්නේ, ඇයව ඝාතනය කළ පියා වන දීපක් යාදව්ට මරණ දඬුවම නියම කළ යුතු බවත්, දැඩිව දඬුවම් කළ යුතු බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *