90 දශකයේ ජනප්රියත්ව දර්ශකයේ ඉහළින්ම සිටි, ඔහුගේ එදා ගීත අදද එදා මෙන්ම අපට අසන්නට ලැබෙනවා.
එවක අති දක්ෂ ලෙස රංගන කාර්යයට ද සම්බන්ධ වූ රාජු බණ්ඩාර පසු කාලීනව තම ජීවිතය ගීතය සහ සංගීතය තුළ පමණක් රඳවමින් අතිශය ජනප්රිය ගීත සමුච්චයක හිමිකාරයෙකු බවට පත්වුණා.
කෙසේ වෙතත් හදිසියේ ඇති වූ අසනීප තත්වයකින් ඔහු මේ වනවිට රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.



















