රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනයවූ ලොරි රථයක් එම දෙසටම ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
ඊයේ (11) පස්වරුවේ ගල්කිස්ස ප්‍රදේශයේදී මෙලෙස ලොරි රථ රියදුරා ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදිය ලොරි රථයේ වම් පස මැද ප්‍රදේශයේ පැටලී තිබේ.
එහිදී යතුරුපැදිකරු ලොරි රථයේ වම් පස පිටුපස රෝදයට යටවී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් වූ ශ්‍රී ධර්මානන්ද මාවත, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




















