BREAKING NEWS
Search

ලොවම කලබමින් කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් එලියට ආ රහස

1563

ගුජරාටයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කරද්දී, කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවට අනුව, යානයේ නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කෙරෙහි මේවනවිට වැඩි අවධානයක් යොමු වී ඇත.

ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත් පියසැරි දත්ත සටහනේ පටිගත වූ නියමුවන් දෙදෙනාගේ කතාබහ අනුව, අනතුර සිදුවෙද්දී යානයේ, ඉන්ධන සැපයුම් විසන්ධි වී තිබුණු බව තහවුරු වී ඇත.

නියමු කුටියේ හඬ පට අනුව, එක් නියමුවකු අනෙක් නියමුවාගෙන් විමසන්නේ, ඇන්ජින්වලට ඉන්ධන කපා හැරියේ ඇයි යනුවෙනි. දෙවැනි නියමුවා පිළිතුරු දෙන්නේ තමන් එසේ නොකළ බවය. ඒ සමඟ යානය කඩා වැටී ඇත.

ජූනි 12 වැනිදා සිදුවුණු මෙම ගුවන් අනතුරින්, යානයේ සිටි 241 දෙනාට අමතරව, බිම සිටි 19 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.

(බීබීසී)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *