BREAKING NEWS
Search

තහනම් ගහේ ගෙඩි කන්න ගිය දකුණේ තරුණයෙකුට අමතක නොවෙන පාඩමක්

945

තහනම් ගහේ ගෙඩි කන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.

සැමියා රටය. ඒ පාළුව කාන්සිය ඇය මග හරවා ගත්තේ අනියම් ඇසුරකිනි. ඔහු ඇය හමුවීමට රෑට රෑට එන්නේ යතුරු පැදියෙනි. ඒ සැමටම හොරාය. එහෙත් ගමේ කොල්ලන්ගේ කණට මෙය ගියේය. තහනම් ගහේ ගෙඩි කන මේ ජෝඩුවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ගමේ කොල්ලෝ අර ඇන්දාහ.

එදා රෑත් සැමටම හොර රහසේ ඔහු මේ නිවසට රෑ රිංගුවේය. ඒ වෙනදාමෙන් යතුරු පැදියෙන් පැමිණීමෙන් අනතුරුවය. කාරිය නිමවුණේය. ඔහු කිසිදෙයක් සිදු නොවූ පරිද්දෙන් සිය යතුරු පැදියෙන් මහ රෑ නිවස බලා පිටත්වීමට සූදානම් වූවේය. ඒ සඳහා යතුරු පැදියට යතුර දමා පණ ගැන්වීමට කියා කළේය. ඒ සඳහා කිහිප අවස්ථාවක්ම උත්සාහ කළේය. බැරිම තැන යතුරු පැදිය ක්‍රියාත්මකවීම සඳහා සවිකර තිබූ බැටරිය නැත. එය කවුරුන් හෝ ගලවා ගෙන ගොස් ඇතැයි තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවීය.

මේ නිවසේ යතුරු පැදිය දමා ගියහොත් තමා තහනම් ගහේ ගෙඩි කන්න මේ නිවසට රෑට රෑට පැමිණෙනවා යයි අසුවේ යයි ඔහුට බිය සිතුනේය. කරන්න තියෙන එකමදේ සිය යතුරු පැදිය තල්ලු‍ කරගෙන යාම බව ඔහුට අවබෝධ විය. ඒ අනුව ඔහු රෑ එළි වෙනකම්ම දහඩිය පෙරාගෙන යතුරු පැදිය තල්ලු‍ කරගෙන එනවිට හොදටම එළිවෙලාලු‍.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *