BREAKING NEWS
Search

රෑට රෑට ගෙවල් වලට රිංගා හොල්මන් කරන අත්භූත රුවක් නිසා මාණික්කාවත්තම කැලඹෙයි.

402

මේ හැටන් දික්ඔය දරවල මාණික්කාවත්තෙන් ඇහෙන කතාවක්.

රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් නිවාසවලට ඇතුළු වීම හේතුවෙන් දික්ඔය දරවල මාණික්කා වතුයායේ වතුකම්කරුවන් දැඩි ලෙස භීතියට පත් වී තිබෙනවා.

මුහුණු වසා ගත් පිරිසක් වතු නිවාසවල වහල මතින් සහ ජනෙල් විවෘත කරමින් අලුයම් කාලයේ නිවාසවලට ඇතුළු වී නිවස තුළ සැරිසරන බවත්, එම අවස්ථාවේ විදුලි ලාම්පු දැල්වූවත්, විදුලි බලය විසන්ධිකර පැමිණෙන නිසා එම පිරිස හඳුනාගැනීමට නොහැකි නිසා අසල්වාසීන්ගේ උදව් ඉල්ලා කෑ ගසනවිට එම පිරිස පලායන බව භීතියට පත් වතු කම්කරුවෝ කියා සිටියි.

කුමන අරමුණකින් එම පිරිස තම නිවාසවලට පැමිණ වතුකම්කරුවන් භීතියට පත් කරන්නේද යන්න පිළිබඳ නොදන්නා බවත්, මේ පිළිබඳ වතු පාලන අධිකාරිය සහ හැටන් පොලිසියේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු තම වතුයායේ තරුණ පිරිස් එක්ව රාත්‍රී කාලයේ එසේ වතුයායේ සැරිසරන පිරිස අල්ලා ගැනීමට වතු නිවාස මුර කරන බව ඔවූහු පවසයි.

තවද එසේ නිවසකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයකුගේ පා සලකුණක් නිවසේ සටහන් වී තිබූ බවත්, තවත් නිවසක ආරක්ෂිත කැමරාවක එම පුද්ගලයා මුහුණ වසාගෙන ගමන් කරන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබූ බව වතුකම්කරුවෝ පවසනවා.

පවත්නා තත්ත්වය මත එම වතුයායේ වතුකම්කරුවන් තේ වත්තේ දෛනික වැඩකටයුතුවලට යෑමට බියක් දක්වන බවත්, එම වතුකම්කරුවන්ගේ දූදරුවන් පාසල් යෑමද අකමැත්තක් දක්වන බවටත් ඔවූහු මැසිවිලි නඟනවා.
උපුටා ගැනීම – දිවයින



Leave a Reply

Your email address will not be published. Required fields are marked *