BREAKING NEWS
Search

කතරගම යමින් සිටි පවුලකට අත් වූ සෝචනීය ඉරණම – සංවේදී දර්ශන සහිතයි

9052

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දඹගල්ල ප්‍රදේශයේ සිට කතරගමට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ වනජීවි මුර පොල සීමාවෙිදී කතරගම දෙසින් ගිය ලොරි රථයක අද (10) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති අතර  මව, පියා, නව හැවිරිදි සොයුරෙකු සහ හත් හැවිරිදි සොයුරියක බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ඩී.එම්.චමිදු නැමති 10 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

ත්‍රීරෝද රථය පදවා ඇත්තේ මියගිය තරුණයාගේ පියා බවත්, ඔහු යුද හමුදා කෝප්‍රල්වරයෙකු බවත් පොලිස් රථවාහන අංශයේ නිළධාරියෙකු පැවසීය.

මෙම අනතුරින් එක් අයෙකු මියගොස් ඉතිරි හතරදෙනාම බරපතල තුවාල තත්වයේ පසුවෙන හෙයින් වැඩි විස්තර ලබා ගැනීම සඳහා පොලිසිය දැඩි වෙහෙසක් දරමින් සිටි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එස්. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *