රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මෑතකදී සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් පත්‍රිකාවක දැක්වෙන පරිදි, මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් අය කරන බදුවල, අඩු අගයක් දක්නට ලැබෙන බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසනවා.
කෙසේනමුත් අඩු බදු මුදලක් අය කළද, වසර අවසානයේ බදු ගණනය කිරීමේදී එලෙස ගණනය කරන ලද බදුවලින් APIT (අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද) ලෙස කපා ගන්නා ලද බදු ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ඇති බවත්, APIT හරහා අඩු බදු ප්‍රමාණයක් අය කරගෙන ඇත්නම්, ඉතිරි බදු මුදල වසර අවසානයේ ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ වැටුප් පත්‍රිකාව පහතින්.


















