ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පාලම කඩා වැටෙන මොහොතේ අධික රථ වාහන තදබදයක් තිබී ඇති අතර ඒ අවස්ථාවේ පාලම හරහා ගමන් කරමින් තිබූ රථවාහන කිහිපයක් “මහිසාර්’ ගඟට වැටී මෙම අනතුර සිදු වී ඇති බවයි…
ගඟට වැටුණු වාහන අතර ට්‍රක් රථයක්, බ්ලෙරෝ SUV රථයක්, පිකප් වෑන් රථයක් ඇතුළු රථ වාහන කිහිපයක් තිබී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙලි වී තිබෙනවා..
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පාලම කඩා වැටෙන මොහොතේ විශාල ශබ්ධයක් ඇසුණු බවට සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් පවසන බවයි…
මේ වන විට ගිනි නිවීමේ හමුදා හා පොලිසිය විසින් එම ස්ථානයේ ගලවා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, සුන්බුන් අතර හිර වූ පුද්ගලයන් පිරිසක් මේ වන විට අසළ පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ…

















