මෙම යානාවට කැප්ටන් සුරාජ් එදා සම්බන්ධ වෙන්නෙ සහායක නියමුවා හැටියට.
ඒ කැප්ටන් සුනිල් වෙත්තමුනි එම ගුවන් ගමනෙහි ප්‍රධාන නියමුවා හැටියට කටයුතු කරද්දි.
ඉතින් ගුවන් සේවයට විශිෂ්ට සේවයක් ඉටුකළ මේ ජ්‍යේෂ්ඨ ගුවන් නියමු කපිතාන් සුරාජ් වීරසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එයාර් ලංකා ගුවන් සේවයේ පළමු නිළදාරී ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ කපිතාන් සුරාජ් පසුව කටාර් සහ එටිහාඩ් යන ගුවන් සේවා වල සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේද කපිතාන්වරයෙකු සේවය කළා.
ගුවන් සේවයට විශිෂ්ට සේවයක් ඉටුකළ ජ්‍යේෂ්ඨ ගුවන් නියමු කපිතාන් සුරාජ් වීරසේකර ඔබට සුබ ගමන්…




















