BREAKING NEWS
Search

අණ නොතැකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි

361

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබේ.

කිලිනොච්චි – ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේදී ඊයේ (08) මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලීසිය විසින් ටිපර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එය  අණ නොතකා ධාවනය කර තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ ටිපර් රථයට වෙඩි තබා තිබේ.

ඉදිරියට ධාවනය වූ ටිපර් රථය වෙඩි ප්‍රහාරය හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහී ඇති අතර ඔහු එය මාර්ගයක අතහැර දමා පළාගොස් ඇත.

පසුව සිදු කළ පරීක්ෂා කිරීමේ දී මාර්ගයේ අත හැර දමා ගොස් තිබූ ටිපර් රථය පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර රියදුරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *