වාහන ආනයනය සම්බන්ධයෙන් අනියත බියකින් ඇතිකරමින් තිබෙන ආකාරයක් දක්නට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා..
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි..
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ජුනි මාසයට අදාළ නිල සංචිත වත්කම් 3.3%කින් පහළට යෑමට වාහන ආනයනය හේතු සාධකයක් වූවාද යන්නයි…
අමාත්‍යවරයා පවසා සිටියේ නිල සංචිත වත්කම් පහළ යෑම සඳහා වාහන ආනයනය හේතුවක් නොවන බවයි..
ඩොලර් මිලියන 1200ක සීමාවක සිටිමින් වාහන ආනයනය කිරීමට බලාපොරොත්තුවන බවත් එම සීමාව ඉක්මවා නොයන බවත් ඉතාමත් සුපරික්ෂාකාරීව එම වාහන ආනයනය සිදුකරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ..