BREAKING NEWS
Search

නිළි රැජිණට මැතිසභා විවාදයක්

162

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි  මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය.

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ   ලකී ජයවර්ධන යන මහත්වරුන්  පිළිබඳ ශෝක  යෝජනා විවාදද  එදින පැවැත්වේ.

විවාදය   එදින   පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි මස 23  වැනිදා අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්  සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *