BREAKING NEWS
Search

ධුරයෙන් නෙරපූ ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි

1740

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය.

ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ප්‍රධාන උපකල්පනය වී ඇත්තේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවය.

2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවද මේ වන විට වාර්තා වී ඇත.

කෙසේ නමුත් පුටින් ඔහුව ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

නමුත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩ්‍රෝන් ප්‍රහාවල ආරක්ෂක තර්ජනය හේතුවෙන් මෙන්ම පසුගිය ජූලි 5-6 දෙදින තුළ රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් නතර කිරීමට සිදුවීමෙන් පසුව ඔහුව රුසියානු ජනාධිපතිවරයා නෙරපා හැරි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *